සුපිරි පන්දුවාරයෙන් කළම්බු කිංග්ස් පිළට ජය
අයි.පී.එල්., සී.පී.එල්., බිග් බෑෂ් වැනි ලෝක ක්රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්රී ලාංකේය සංනාමය ලෙස එක්වූ ලංකා ප්රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව හම්බන්තොට, සූරියවැව ජාත්යතන්ර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී කොළඹ කණ්ඩායමට ජයග්රහණය සඳහා ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
ජයග්රාහී ලකුණු 220 ඉලක්කය හඹා ගිය කළම්බු කිංග්ස් කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුළු 7ක් දැවී ලකුණු 219 ලබා තරඟය සම වීම හේතුවෙන් “සුපර් ඕවර්” ක්රියාත්මක කිරීමට සිදු විය.
සුපිරි පන්දුවාරයේ කළම්බු කිංග්ස් කණ්ඩායම ලකුණු 16ක් රැස් කර ගත් අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.
ඒ අනුව එල්.පී.එල් තරඟාවලියේ පලමු තරඟය කළම්බු කිංග්ස් කණ්ඩායම සමත් වෙයි.
තරඟයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගන්නා ලදී.
popular news
-
nodakings Sunday, 29 November 2020 02:09 PM
mepamana arbudayak rate pavathiddith mudal upayanna cricket gahana buvala nodakings kandayama api pitu dakinava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

