විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට
- 24 08 2019
- 13:58
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.
තරගාවලිය සඳහා 15 දෙනෙකුගේ සංචිතයක් නම් කර ඇති අතර එහි උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.
අවිශ්ක ප්‍රනාන්දු හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංක සංචිතය - ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර, ළහිරු මධුශංක.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
