වැරැද්ද පිළිනොගැනීම නිසා අක්මාල්ගේ දඬුවම තහවුරුයි - පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලය
තමන් කළ වැරදි පිළිගැනීමට පාකිස්තානු ක්රිකට් ක්රීඩක උමාර් අක්මාල් සූදානම් නැති බැවින් ඔහුගේ දඬුවම ස්ථිර වනු ඇති බව පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලය (පී.සී.බී) ප්රකාශ කරයි. අදාළ දඬුවම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවද සිය වරද පිළිගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති වීම ඊට හේතුවයි.
පාකිස්තානු ක්රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වූ උමාර් අක්මාල්ට පසුගිය සමයේදී චෝදනා එල්ලවූයේ තරග පාවාදීම සම්බන්ධයෙන් තමන්ට ලද යෝජනා බළධාරීන් වෙත හෙළි නොකිරීම හේතුවෙනි. පසුව මෙම චෝදනා ඔප්පු වීමත් සමගින් ඔහුට වසර 3ක තරග තහනමක් පැනවීමට පී.සී.බී.ය ක්රියා කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උමාර් අක්මාල්ට දින 14ක කාලයක් ලැබී තිබෙන අතර, ඔහු ඒ උදෙසා මේ වනවිට සිය නීතිඥයන් මාර්ගයෙන් කටයුතු කරන බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
නීතිවිරෝධී බුකීකරුවන් දෙදෙනෙකු, ලාහෝර් නුවරදී තමාව හමුවූ බවටත්, එහිදී ඔවුන් දෙදෙනාගේ අභිප්රායයන් දැනගෙන තමා ඔවුන්ගෙන් ඉවත් වූ බවටත් උමාර් අක්මාල් පිළිගෙන ඇතත්, ඔවුන් දෙදෙනා සමගින් සාකච්ඡා කළේ කුමන කරුණක් පිළිබඳවදැයි යන්න පිළිබඳව හෙළි කිරීම උමාර් විසින් ප්රතික්ෂේප කර ඇති බව අදාළ වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                