රෝහිත්ගේ ඉනිම සුඩාන් වෙනුවෙන්
ලෝකයේ අවසන් උතුරු ධවල පිරිමි රහිනෝ වූ සුඩාන් මාර්තු මාසයේදී මිය ගියේ ලෝකයම කම්පා කරවමිනි. ඔහු මිය ගියත් සුඩාන් පිළිබඳ මතකයන් දිනෙන් දින අලුත් වෙමින් තිබේ. මේ අතර ඉන්දීය කණ්ඩායම මේ වන එංගලනත්යේ සංචාරය කරමින් සිටින අතර එහිදී පැවැති විස්සයි20 තරගාවලිය ඉන්දීය කණ්ඩායම 2-1ක් ලෙස ජයගත්තේය.
තීරණාත්මක තෙවැනි තරගයේදී එංගලන්තය පන්දුවාර 20කදී ලකුණු 198ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළේය. එහිදී රෝහිත් ශර්මා නොදැවී ලකුණු 100ක් වාර්තා කිරිමට සමත්වූ අතර එම ශතකය තමන් සුඩාන් වෙනුවෙන් වෙන්කරන බව රෝහිත් පසුව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කළේය.


popular news
-
Champa Tuesday, 10 July 2018 04:40 PM
Oh ...... that is sweet !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

