රටට ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රීඩකයන් ඉවත් කරනවා - අර්ජුන
ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
එසේම රට පිළිබඳව අවධානය යොමු නොකරමින් තමන් වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් කණ්ඩායමෙන් ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා. ඒ නිසා තමයි මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ.
අපි මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එක් පාර්ශ්වයක් ලෙසින්. ක්‍රිකට්වලට යමක් කරන්න කැමැති අයයි ඒ පාර්ශ්වයේ ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට මේ නිලවරණයෙන් ජයග්‍රහණය කළාට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රිකට් හදනවා. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන.
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට මූලිකම හේතුව නුසුදුසු පුද්ගලයෝ පරිපාලනයට පැමිණීම. මට ඇත්තටම සභාපති ධුරයට සුදුසුකම් තියෙනවා. නමුත් ක්‍රිකට් නීතියට අනුව මට සභාපති ධුරයට තරග කරන්න බැහැ. ඒ නිසා මම මෙවර නිලවරණයේදී උපසභාපති ධුරයට තරග කරන්න තීරණය කරලා තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනය වගේම ක්‍රීඩකයින්ගේ මොළත් ශුද්ධ කරන්න ඕන. ක්‍රීඩකයින්ගේ විනය ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. කැපවීමත් අවශ්‍යයි. ඒවා හදාගන්න පුළුවන්.
ක්‍රීඩකයින්ට තමන්ට රටට ක්‍රීඩා කිරිමට අවශ්‍යතාවය නැත්නම් ඒ අය ක්‍රීඩා කරන්න ඕනි නෑ. තවත් ඕනි තරම් මේ රටේ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඉදිරියේදි මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න කටයුතු කරනවා.”

popular news
-
ඉසුරු අනුරංග Tuesday, 05 February 2019 06:38 PM
මම ක්‍රිකට් මැච් බලන්න ගත්තේ 2004 අවුරුද්දේ ඉදලා. ඒ කාලේ ශ්‍රී ලංකා ටීම් එකේ තිබුණු එකමුතුකම අද දකින්න නෑ කියන එක මම වගේම ගොඩක් දෙනා කියන දෙයක්. අද ඇෆ්ගනිස්තානය වගේ රටක් කෙටි කාලයක් තුළ සැලකිය යුතු මට්ටමේ දියුණුවක් ලබන්න “වගකීම් සහයෝගීව බෙදා ගනිමින් රට දිනවීම සඳහා එකමුතුව ක්‍රීඩා කිරීම” හේතුවෙලා තියෙනවා. අද පිතිකරණයේ යෙදෙන කොට පිතිකරුවන් දෙදෙනා අතර වචන හුවමාරුවක් වත් වෙනවා දකින්නේ කළාතුරකින්. පිතිකරුවන් දෙදෙනා අතර නිවැරදි සන්නිවේදනයක් තිබුනොත් තමයි ප්‍රතිවාදී පිළේ දක්ෂතා, පිටියේ එම අවස්ථාවේ හැසිරීම පිළිබඳ වඩාත්ම නිවැරදි අවබෝධය වගේම ඒ ඒ අවස්ථාවේදී තමාගේ සහෝදර පිතිකරුවාගේ දුර්වලතා මඟ හරවා ඔහුගේ කඬුල්ල ආරක්ෂා කරගෙන Partnership එකක් ගොඩ නගා ගැනීමට හැකිවෙන්නේ. ඒ නිසා කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කිරීම හුරු කිරීමට ඔවුන්ව ක්‍රිකට් වලට පරිබාහිර එකිනෙකාගේ සහයෝගය අත්‍යවශ්‍ය වන විවිධ වැඩසටහන් වලට යොමු කළ යුතුයි. (Hike, Boat riding, ශ්‍රමදාන,…). මේ වන විට අපගේ පිතිකරුවන්ට 150 kmph වේගයෙන් පන්දු යවන්නන්ට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. එසේ නම් අපගේ පිතිකරුවන් 155 kmph වේගවත් පන්දු වලට පුහුණ කළ යුතුයි. ඒ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

