මාස 44කට පසුව ශ්‍රී ලංකාවට තරගාවලියක් ජයගත හැකි වෙයිද?
ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (28දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය.
ලසිත් මාලිංග නොමැතිව ශ්‍රී ලංකාව කණ්ඩායම මෙම තරගය ක්‍රීඩා කරයි. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගතහොත් එක්දින තරගාවලිය ජයගැනීමට අවස්ථාව හිමිවෙයි. 2015 වසරේ කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී ජය ගැනීමෙන් අනතුරුව මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියක් ජයගෙන නොමැත.

popular news
-
Champa Sunday, 28 July 2019 05:36 PM
ඇයි බැරි දිනන්න පුළුවන්නේ අර විදිහට. අර ලෝක කුසලානේදී එංගලන්තේ පැරද්දුවේ, අන්න ඒ විදිහට. කවුරුවත් හිතුවේ නැහැ එංගලන්තෙවත් හිතුවේ නැහැ ලංකා ඒ ගොල්ලෝ පරදයි කියල. බුකි කාරයන්ගේ හොද්ද බොර වෙන්න ඇති එදා නම්. ඒ වගේ පුළුවන්. ලෝකේ කුසලානේදීත් මාලිංගගේ catches අතැරිය උවමනාවෙන්ම. 5ක් විතර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

