මාලි ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි.
මෙම තරගය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය විය.
තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.
බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තෙද මාලිංග විසිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉදිරිපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී ලකුණු 111ක් රැස්කළේය.මාලි ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි.
මෙම තරගය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය විය.
තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.
බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තෙද මාලිංග විසිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉදිරිපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී ලකුණු 111ක් රැස්කළේය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
ඡායාරූප ශාන්ත රත්නායක








popular news
-
Champa Saturday, 27 July 2019 10:13 AM
Bon Voyage, Malingaa! ලංකාවෙන් යන එක ගැන කණගාටුයි. Our loss is Australia's gain. වහල් ආණ්ඩුවේ අම්බරු ක්‍රීඩා ඇමතිවරු දෙන්නයි බුකි ඇමැතියි, දක්ෂකමටයි හැකියාවටයි තැන දුන්නු මහත්වරුන්ගේ ක්‍රිකටුයි, මිනිස්සු ආදරය කල ක්‍රීඩකයන්වයි රටට නැති කළා. හැබැයි වහල් ක්‍රීඩා ඇමතිවරුන්ගේ අනෙක විද කෙනෙහිලි මැද්දේ මාලිංග කොන්දයි ඔළුවයි දෙකම කෙලින් තියාගෙන ක්‍රීඩාවෙන් සමු ගන්න ගත්ත තීරණය ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න ඕනේ දෙයක්. මට මතක නැහැ මේ වගේ ගෞරවනීය සහ ආඩම්බරකාර විදිහට ක්‍රීඩාවෙන් සමු ගත්ත වෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන. මාලිංග ගැන ආඩම්බරයි. හැබැයි මට දුකයි ඉතින් ලංකාවෙන් යනවට. මාලිංගගේ සුවිශේෂී දක්ෂකම් වගේම මුරණ්ඩුකමුත් කවදාවත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක වෙන එකක් නැහැ. ලංකාවෙන් ගියාට අනාගතේ දවසක නැවත ලංකාවට එන්න හිතෙවා කියල ප්‍රාර්ථනා කරනවා. නැත්නම් ඉතින් ලංකාවේ පොඩි එවුන්ට කවුද යෝකර් පන්දු යවන හැටි කියලා දෙන්න ඉන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

