මාලිගේ අවසන් තරගයේ ප්‍රවේශපත්‍ර අවසන්
ශ්‍රී ලංකාව හා බංග්දේශය අතර හෙට (26දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ සියලු ප්‍රවේශපත් මේ වනවිට අලෙවී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.
කෙසේ නමුත් දෙරට අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප්‍රවේශපත්‍රද සීමිත සංඛ්‍යාවක් පමණක් පවතින බව වාර්තා වේ. එක්දින තරග ප.ව. 2.30ට ආරම්භ වන අතර, තරග නැරඹීම සඳහා ඇතුළුවීමේ දොරටු ප.ව. 12.30 සිට විවෘතව ඇති බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.
මේ අතර තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් පසුපස රැගෙන යන ගමන් මළු/උරපොදි ( Backpacks), නලා ( Portable horns and hooters) හා වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

popular news
-
Champa Thursday, 25 July 2019 04:24 PM
මාලිංගට කරන්න පුළුවන් ඉහලම සැලකිල්ල මාලිංගගේ අවසාන තරඟය පවත්තන්නත් ඉස්සෙල්ලම ප්‍රේක්ෂකයෝ කරලා තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

