ඩක්වත්-ලුවිස් ජීවිත ඉනිමට සමුදෙයි
සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් ජීවිත ඉනිම නිමාකර තිබේ. මිය යනවිට හෙතෙම 78 වැනි වියෙහි පසුවිය.
වැස්සෙන් සහ අනෙකුත් කාලගුණික, දේශගුණික වෙනස්වීම් හෙතුවෙන් තීරණයක් නොමැතිව නිමාවන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා තරඟ සඳහා මෙම ක්‍රමය පළමුවරට හඳුන්වාදුන්නේ 1997 වසරේදීය. ටෝනි ලුවිස්ගේ අභාවය පිළිබඳව ඊයේ (01දා) එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනය නිකුත් කළේය.
ටෝනි ලුවිස් සහ ෆ්රෑන්ක් ඩක්වර්ත් සමඟ 1997 දී හඳුන්වා දුන් මෙම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට 1999දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල අනුමැතිය හිමිවිය.
මෙම ක්‍රමය 2014 දී ලොව පුරා සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා භාවිත කළේය.
මේවනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන විස්සයි 20 තරගවලට නොගැලපීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය විවේචනයට ලක්වෙමින් තිබේ.
කෙසේවෙතත්, ඒ සඳහා මෙතෙක් වෙනත් විකල්ප ක්‍රමයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හඳුන්වාදී නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

