එක තරගයක් දින්න කියලා ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ
දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ එම විඩියෝව සමාජ ජාලාවලට මුදා හැරි පුද්ගලයා සොයා ගෙන පළමුව ඔහුට දඬුවම් කළ යුතු බවයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමේ තරම පෙන්නුම් කරන්නක් බවද ඔහු කියා සිටියේය.
“අපේ කාලේ අපි තරගයක් ජයග්‍රහණය කළාම විතරක් නෙමෙයි, තරගයක් අවසන් වුණාමත් අපි අභ්‍යන්තර සාකච්ඡා රැසක් පවත්වනවා. එම සාකච්ඡාවලදී අපි බෙහෝ දේ සාකච්ඡා කරනවා. නමුත් කවදාවත් ඒවා පිටට ගියේ නැහැ. අභ්‍යන්තර සාකච්ඡා එළියට ගියේ නැහැ.
අපිට තිබුණා විනයක්. ඒ විනය අද නැති නිසා තමයි මේ වගේ සිදුවීම් වෙන්නේ. ඉස්සෙල්ලාම මේක කරපු මිනිහා කවුද කියලා බලන්න ඕන. මම ක්‍රිකට් පරිපාලනයේ සිටිය නම් ඕක ටේප් කරපු මනුස්සයා කවුද ? මාධ්‍යයට දුන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම හොයා ගෙන ඔහුව එලවලා දානවා.
අපේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් පරිපාලකයින්ට විනයක් තියෙන්න ඕන. ක්‍රීඩකයෝ සමහර වෙලාවට ලයින් එකෙන් පිටට යනවා. එක තරගයක් දින්න කියලා ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ. රටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට.
අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්. විනය නැතිකම පෙන්නුම් කරන්නක්. මේ විනය පිරිහීමට මුලික වුණේ මේ දරුවන්ගේ වරදක් නිසාම නෙමෙයි. මේ විනය පිරිහීමට හේතු වුණේ බුකිකාරයෝ සූදුකාරයෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීම. අද ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සූදුවක් බවට පත් වෙලා.
අපි මේ විනාශය ලබන 21 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය ලැබුවාට පසුව සම්පූර්ණයෙන්ම නතර කරනවා. ක්‍රිකට් නිලවරණයේදී අපිට හොරුන්ගේ ඡන්දේ එපා. හොරු හැමදාම හොරුන්ට ඡන්දේ දෙයි. ඒ හොරුන්ට ඡන්දේ දෙන හොරු කවුද කියලත් අපි ඉදිරියේදී නම් ගම් සහිතව පෙන්නුම් කරනවා.”
ඔහු මේ බව කියා සිටියේ අද (18) රත්මලාන දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

popular news
-
Champa Tuesday, 19 February 2019 01:28 PM
ක්‍රීඩකයන්ගේ විනය පිරිහිලා? මොකක්ද මෙතන තියෙන විනය පිරිහීම? ක්‍රීඩකයෝ තමන්ගේ හිත්වල හිරවෙලා තියෙන දේ පිටට දැමීමද විනය පිරිහීම නැත්නම් තරඟ වලට ඉස්සෙල්ල දවසේ රෑ රාත්‍රී සමාජ ශාලා ගානේ යාමද පිරිහීම? ඇයි තව මතක නැත්ද සංගක්කාර එංගලන්තේදී ලංකාවයි ක්‍රිකට් පරිපාලනයයි විවේචනය කරපු එක? ඊළඟට සංගක්කාරයි මහෙලයි එකතු වෙලා අපේ සංස්කෘතියේ හැටියට වනචර ගායකයෙක් විදිහට සලකන මිනිහෙක් ගෙනල්ල ගෑනු ළමයෙක් ඇඳුමක් වීසි කරපු එක? හොඳ වෙලාවට මුළු රටම ඒ වැඩේට විරුද්ධ වුනා. නැත්නම් ඊළඟට එහෙම ඇඳුම් ගලවල වීසි කරන්නේ ක්‍රිකට් පිටියට. අනිත් එක වර්තමාන ක්‍රිකට් හා ඩිජිටල් කටයුතු ඇමති පාර්ලිමේන්තුවේ පාවිච්චි කරපු වචනේ මතක නැත්ද? ඇමතිගේ හැටියට තමයි ක්‍රීඩකයෝ. මහා ලොකුවට කියනව රට්ටුන්ට කතා කිරීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගෙනාවලු. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගේ විවෙකාගාරේදීවත් නිදහසේ කතා කරන්න නිදහසක් නැහැ.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

