අපිට ලැබුණ විකට්ටු එක්දින තරග සඳහා සුදුසු නෑ
නවසීලන්ත කණ්ඩායම සමග මෙන්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සමග පැවැති තරගවලදී ලැබූ විකට්ටු එක්දින තරග සඳහා සුදුුසු නොවන බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.
ඊයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“එක අවස්ථාවක අපි හොඳ තත්ත්වයක හිටියා. අපේ විකට් තුනක් එක් පන්දුවාරයකදී දැවී ගියා. අනවශ්‍ය පහරවල් එල්ල කළා. දුවද්දී දැවී යාමත් දිවි නසා ගැනීමක්. අපිඔවුන්ට තරගයට එන්න අවස්ථාව දුන්නා.
මෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.
අවාසනාවකට අපි කාසියේ වාසිය පැරදුණා නිසා මුලින් පන්දුවට පහරදීමට සිදුවුණා. මම හිතනවා ඉදිරි තණතීරු අපේ පිතිකරුවන්ට යෝග්‍ය වේවි කියලා.
මේ ජයග්‍රහණය අපිට අවශ්‍ය වෙලා තිබුණා. මේ ජයග්රහණයෙන් මානසිකව අපිට ගොඩක් උඩට එන්න පුළුවන් වෙයි. අපි ගොඩක් හොඳට පුහුණුවීම් කරනවා.”

popular news
-
D.P.Liyanage Wednesday, 05 June 2019 08:44 PM
නටන්න බැරි මිනිහාට පොළව ඇදැයි කීවාලු
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
