අංක එකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් පළමු වටයෙන්ම ඉවතට
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය අවසන් වනවිට ප්‍රබල ක්‍රීඩකයන් රැසකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත.
එහිදී පිරිමි ඒකල අංශයේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ ක්‍රීඩකයන් වන බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ, ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලාස් වව්රින්කා හමුවේ පෙරේදා (28දා) තරග වට 3-0 (6-1,6-3,6-2)ක පරාජයක් ලැබීය.
එමෙන්ම කාන්තා අංශයේ හිටපු අංක එකේ ක්‍රීඩිකාවක් වූ ජර්මනියේ ඇන්ජලික් කර්බර් ස්ලෝවේනියාවේ කාජා ජුවාන් හමුවේ තරග වට 2-0ක් ලෙසින් පරාජය වීම කැපී පෙණිනි.
දෙවරක් ප්‍රංශ විවෘත ශූරිය බවට පත්වූ ඇමෙරිකානු සුපිරි ක්‍රීඩිකා වීනස් විලියම්ස් ස්ලෝවැකියා ක්‍රීඩිකා ඇනා ෂ්මිඩ්ලෝවා හමුවේ තරග වට 2-0 (6-4,6-4)ක් ලෙසින් පරාජයට පත්වීමද විශේෂත්වයකි.
මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් අතරේ යූරෝ මිලියන 38ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 823ක් බෙදාදීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

