මඩු දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම්කරයි
මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.
එසේම එම ප්‍ර දේශය සම්බන්ධයෙන් පරිභාහිර සැලැස්මක් සකස් කළ යුතු බවට විධානය කරන බවටත් එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටද මීට පෙර කැබිනට් අනුමැතිය ලැබුණි.
එහිදී මඩු දේවස්ථාන ප්‍රදේශයේ ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඒ ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවාහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

