saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Picture Story - timelapse 10 hours ago

LATEST

රිවස්ටන් සැහැල්ලු වාහනවලට විවෘතයි

calendar_today 2025 ඔක් 17 - 11:47 remove_red_eye - 267  

අධික වර්ෂාව හේතුවෙන් රත්තොට රිවස්ටන් හරහා ලග්ගල දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයක් දැඩි ලෙස නාය යෑමට ලක්වු තිබු අතර 17දා උදැසන වන විට සැහැල්ලු වාහන ගමන් කිරිම සදහා පමණක් විවෘතව කිරිමට හැකි බව ලග්ගල සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් හේමන්ත මහතා පැවසිය.

මෙතෙක් හමුවු පතොරම් ප්‍රමාණය දෙදහසකට ආසන්නයි. පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් තව දුරටත්. හමුවු ජිව පතොරම් අතර T 56 උණ්ඩ සහ ගුවන්යානා නාශක උණ්ඩ මොරගහකන්ද ජලාශ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්.

Read More

හමාස් සංවිධානය යටතේ ගාසා තීරයේ වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම දැන් ඊශ්‍රායලයට පැමිණ ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි

Read More

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර වී තිබෙනවා.

Read More

නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාගොඩ අළුත්තානායම්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වංක්‍රීය ගිනි අවියක්, එයට යොදන පතොරොම් 02 ක් හා භාවිතා කරන ලද පතොරොම් කොපු 05 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අද 05 අලුයම 0230 ට පමණ කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථය හා කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ මැක්සිමෝ බට්ටා වර්ගයේ ලොරි රථය නාරම්මල පොලිස් ස්ථානයට මීටර් 200 පමණ දුරින් පිහිටි රිවසයිඩ් හෝටලය අසල දී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා නාරම්වල හා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව නාරම්වල පොලිසිය කියයි.

Read More

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 කිලෝ මිටර් කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා අද (03) අළුයම රෝහල් ගත කර ඇතැයි තණමල්විල මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ලංකාවට හඳුන්වාදුන් නව දෙළුම් විශේෂ දෙකක් සාර්ථකව පලදාව ලබාගැනීමට හැකිවී තිබෙනබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසා සිටිනවා.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World - 2025 ) ප්‍රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්‍රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්‍රිකානු ජාතික ෂෙගෝ ගලේ ( Tshego Gaelae ) මහත්මිය 09/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

ලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදිකිරීම් වලින් පසු ග්‍රෑන්ඩ් කැනියන් හරහා ගමන් කාලය පැය දෙකක සිට මිනිත්තු දෙකකට මේ හරහා අඩුවෙයි.

Read More

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති.

Read More

කොත්මලේ යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. ඉපැරණි සිදුවීම් රැසකින් පොහොසත් වූ කොත්මලේ පුරවරය මනරම් කඳු රැසකින් වට වූ ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම සුන්දර භූමි භාගයකින් සැදුම්ලත් අව්‍යාජ ගැමියන් ජීවත් වන ඵෙතිහාසික ගම්මාන රැසකින් සමන්විත ප්‍රදේශයකි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල (15) දින රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවද නොතකා හැටන් තලවකැලේ මාර්ගයේ උදෑසන ධාවනය වන මගී ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ තරගෙට ධාවනය කරන අයුරු එම බස් රථ පිටුපසින් ගමන් ගත් වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණි.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.පෙරවරු 6ත් 6.20. ත් අතර අනතුර සිදුවී ඇත.

Read More

ආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අපූරුයි අඹු සැමි යූවලක් පිළිබඳව තොරතුරක් දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

Read More

ලක්ෂපාපන ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කිරිම සදහා එම ප්‍රදේශයේම පිරිසක් එක්ව කරත්ත දෙක්ක නිර්මාණය කර ඇත.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස්‍ රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස්‍ රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැබව ඇල්ල පොලිසිය පවසයි .

Read More

මාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇති අයුරු මෙලෙස ඡායාරුපයට දිස්විනි.

Read More

චීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .

Read More

ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

බෞද්ධ ජනතාව විසින් වන්දනාමාන කරනු ලබන සොළොස්මස්ථාන අතුරින් වැදගත් ස්ථානයක් වු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.

Read More

අස්වැනු වැඩිවිමත් සමග කල්පිටිය අර්ධද්විපයෙ වගා කරනු ලබන සියලුම එළවළු නොසිතු ලෙස පහල වැටි ඇති බව වගා කරුවන් පවසයි.

Read More

මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

Read More

ඉදිරි පාදයේ අබාදයකට ලක්ව අවස්ථා ගණනාවකදී කලාවැව ජාතික වන උද්‍යානයේදී ප්‍රතිකාර සිදුකරමින් සිටි වන අලි පැටවෙකු එම පැටවාගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යාමට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය පියවර ගත්තේය.

Read More

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනා සිය හතරවන උපන් දිනය අද (31) සමරනු ලැබීය.

Read More

මහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් 30 දින උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය’

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

Read More

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

Read More

1946-47 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.