නල්ලූර් කන්දස්වාමී කෝවිලේ දේව පූජා අවසන් වෙයි
යාපනය, නල්ලූර් කන්දස්වාමී කෝවිලේ වාර්ෂික දේව පූජාව මෙවරද දින 25ක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව අද (11දා) පැවැති වෛරවර් විශේෂ දේව පූජාවෙන් අවසන් වූ බව නල්ලූර් කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
දේව පූජාවන් වෙනුවෙන් ලක්ෂ 7කට අධික දෙස්විදෙස් බැතිමත්හු පිරිසක් සහභාගි වූහ.ඉන්දියාවේ සිටද පූජකවරුන් පිරිසක් නල්ලූර් කස්දස්වාමී කොවිලේ පැවැති දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වූ අතර, බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීස් නිලධාරීන් 500ක් පමණ පිරිසක් සේවයේ යෙදවීමට යාපනය පොලීසිය කටයුතු කර තිබිණි.
යුද සමයේදී නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව පූජාවන් සඳහා බැතිමතුන් පැමිණීමේ අඩුවක් පැවතියද, මේ වන විට බැතිමතුන්ගේ පැමිණීම ක්රමක්රමයෙන් වැඩි වී ඇතැයි නල්ලූර් කොවිල් පූජාවන් වෙනුවෙන් සහභාගි වූ බැතිමත්හු පැවසූහ.









popular news
-
Champa Tuesday, 11 September 2018 09:07 PM
I hope all Indians who came for the festival went back !!!!! Wimal said Indian families are being settled in the North and Pakistani families in the East obviously to change voter demographics which is a very serious matter. This should have happened under the patronage of the government. It is imperative for Sinhalese to vote one man at the next Presidential election. Divided we fall.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
