පසුගිය පාලන කාලවලදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිවරයාට වෙන් කර තිබු නිල මෝටර් රථය සහ කැබි රථය මංගල හයර් සහ අනෙකුත් පුද්ගලික වැඩ කටයුතු සඳහා යොදාගෙන තිබෙන බව එම නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක වෛද්‍ය චමල් සංජිව මහතා සදහන් කලේය
මිට අමතරව පසුගිය කාලවලදි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ වංචා දූෂණ ක්‍රියා රැසක් සිදුවි තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවද පවසා සිටියේය
දැනට පවතින තොරතුරු ඔස්සේ විමර්ශනය කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසට වරතමාන නගරාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කල බවද පවසා සිටියේය
පසුගිය කාලසීමාවේදී නගර සභා බල ප්‍රදේශය තුළ දේශපාලකයන් සහ එහි සේවය කරන ලද සේවකයන් මගින් සිදු කරන ලද බොහෝ දූෂණ වංචා මේ වන විට හෙලි වෙමින් තිබෙන බවද සදහන් කලේය
අතර හිටපු දේශපාලන අධිකාරි නගර සභාවේ නිල රථ පුද්ගලික කටයුතු සඳහා භාවිතා කොට ඇති අතර ඇතැම් අවස්ථාවලදී මංගල හයර් සඳහා නිල රථය ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් එම තොරතුරු පිලිබදව විදිමත් ලෙස සොයා බලා නිතිය පිටින් කටයුතු කල පිරිස්වලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද සදහන් කලේය