තැපෑලේ වියදම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ නිවැරදියි
වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
ගෝඨාභය රාජපක්ෂ | දිනමිණ/ඩේලි නිව්ස් | 30/09/2020
තැපෑලේ වියදම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ නිවැරදියි

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම උදෙසා, FactCheck මගින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවන් පරිශීලනය කොට ඇත'
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කාර්යසාධන වාර්තාවන්ගෙන් දැක්වෙන්නේ, 2016 සිට 2019 දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.42 ක් වූ බවයි. 2019 වසරේදී පමණක් ආදායම රුපියල් බිලියන 8.40 කි.
එසේම එම වාර්තාවන්ගෙන් දැක්වෙන්නේ 2016 සිට 2019 දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය වියදම රුපියල් බිලියන 13.18 ක් වූ බවයි. 2019 වසරේදී පමණක් එම වියදම රුපියල් බිලියන 14 කි. මෙම සංඛ්‍යාවන් දෙස බැලූ විට පෙනී යන්නේ, එය ජනාධිපති විසින් සඳහන් කළ ආදායම, වියදම සහ රුපියල් බිලියන 6 ක වාර්ෂික අලාභය හා සැසඳෙන බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත වියදමෙන් 89% ක සාමාන්‍යයක් පුද්ගල ගෙවීම් -එනම් වැටුප්, අතිකාල දීමනා ඇතුළු අනෙකුත් ප්රතිලාභ- සඳහා වෙන් වී ඇත. එනම්, වියදමෙන් වැඩි කොටසක් වෙන්වී ඇත්තේ වැටුප් සහ අතිකාල දීමනා සඳහා වන බවට ජනපතිවරයා විසින් සඳහන් කරන කරුණද සත්‍ය වේ.
මෙසේ බලන විට, ගෙන හැර දක්වා ඇති සංඛ්‍යා සම්බන්ධයෙන් මෙන්ම එම වියදම් වලට හේතුකාරණා සම්බන්ධයෙන්ද ජනපති රාජපක්ෂ නිවැරදි වේ. එනිසා, අපි ඔහුගේ එම ප්‍රකාශය සත්‍යයක් යැයි වර්ගීකරණය කරමු.
නිදර්ශකය 1: තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් සහ වියදම් (2016 – 2019)

මූලාශ්‍ර:
තැපැල් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්යසාධන වාර්තාව 2019, පිටු. 79, 80, ප්‍රවේශය: https://parliament.lk/en/business-of-parliament/papers-presented
තැපැල් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්යසාධන වාර්තාව 2018, පිටු. 55, 56, ප්‍රවේශය: https://parliament.lk/en/business-of-parliament/papers-presented
තැපැල් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්යසාධන වාර්තාව 2017 පිටු. 56, 57, ප්‍රවේශය: https://parliament.lk/en/business-of-parliament/papers-presented
popular news
-
patta harak ban Thursday, 26 November 2020 04:11 AM
ethakota gota UDA, LRDC eka Srilankan eka paripalanaye inna kota ewa padu labanawa danne natheyi. Ewaye salli valin sohon haduwe profit thibila karanna deyak nathi nisa wenda. Api thopita kiuwa pragathi wartha potha balapalla usas karanna kalin. Dan ithin saubagyayen jeewath weyalla. Dan Shapada... pettiyata 58,000 ekathu karanna mathaka thiya ganna.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

