උතුරු කොරියාවෙන් ජපානයට සැබෑ බැලස්ටික් මිසයිල තර්ජන
ජපානයේ අගමැති ෂින්සෝ අබේ බුද්ධි හීන අයෙකු බවත්, ඔහු දේශපාලන වාමනයෙකු බවත් උතුරු කොරියාව චෝදනා කරයි.
උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ඔහු වැරදියට තේරුම් ගැනීමක් සිදුව ඇති බවට උතුරු කොරියාව චෝදනා කරයි.
බ්‍රහස්පතින්දා දිනයේ උතුරු කොරියාව විසින් රොකට් දෙකක් දියත් කිරීමෙන් පසුව “නැවත නැවත බැලස්ටික් මිසයිල දියත් කිරීම” ගැන අබේ අගමැතිවරයා හෙළා දැක කතා කර තිබුණි.
නමුත් උතුරු කොරියාව අවධාරනය කළේ එය “සුපිරි විශාල බහුවිධ රොකට් ලෝන්චරයක්” පරීක්ෂා කළ අවස්ථාවක් පමණක් බවයි.
මේ අතර, සෙනසුරාදා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ජපානය “ආසන්නතම අනාගතයේ සැබෑ බැලිස්ටික් මිසයිලයක් යනු කුමක්දැයි දැක ගත හැකි” වනු ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව බැලිස්ටික් මිසයිල දියත් කිරීම උතුරු කොරියාවට තහනම් වන අතර, මේ නිසාම ඔවුන්ට ආර්ථික සම්බාධකවලටද මුහුණදීමට සිදුව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                