ඉරානය වෙත නව සම්බාධක පැනවීමට ට්‍රම්ප් කටයුතු කරයි
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් 2015 වසරේ ඇති කරගත් සම්මුතිය විවේචනය කරන වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය සිකුරාදා දිනයේදී ඒ පිළිබඳ වූ සම්බාධක ලිහිල් කිරීමට අවසන් වතාවට පමණක් අවස්ථාව ලබාදෙන බව පවසා සිටියේය.
කෙසේ වෙතත්, ඊට අමතරව ඉරාන ජාතිකයන් 14 දෙනෙකු සහ එරට මානව හිමිකම් සිදුවීම් කිහිපයක් මූලික කරගත් නව සම්බාධක පැනවීමක් ඉරානයට එරෙහිව සිදුකිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
ඉරානය සමග ඇති කරගත් සම්මුතියෙන් සිදුව ඇති බලවත් දෝෂය නිවැරදි කිරීමට මේ අවසන් අවස්ථාවේදී ඇමෙරිකාවට සහ යුරෝපයට අවස්ථාව පවතින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, සම්මුතිය සම්බන්ධ සම්බාධක ලිහිල් කිරීම තවදුරටත් දින 120ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෙහිදී ට්‍රම්ප් අත්සන් තබනු ඇති බව කියැවෙයි.
ඉරානයේ යුරේනියම් ධනාරෝපය වෙත ස්ථිර බාධකයක් යෙදීම සඳහා යුරෝපා සංගම් බලධාරීන්ගේ අනුමැතිය ධවල මන්දිරය ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙයි.
වර්තමානයේ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව එය අවසන් වීමට නියමිතව ඇත්තේ වර්ෂ 2025 දීය.
එමෙන්ම, ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන්ද මේ හරහා සාකච්ඡා කළ යුතු බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


