අඟහරුගේ නවතම ඡායාරූප නාසා රෝවර් යානයෙන්
අඟහරු ග්රහයා මත ආරක්ෂිතව ගොඩ බැස්සවීමෙන් පසු, නාසා හි Perseverance රෝවර් යානය මින් පෙර අඟහරු මත නොදුටු තවත් ඡායාරූප පෘථිවිය වෙත එවා තිබේ.
රෝවර් යානය එහි ගොඩබෑම සිදුකළ අවකාශයේ වූ දසුන් මේ අතර වන වෙයි. එහිදී අඟහරු ග්රහයා වෙත පිවිසීම, ඒ වෙත ළඟාවීම සහ ගොඩබෑමේදී මතුපිටට ආසන්නව රෝවර් යානය දැක්වෙන ආකාරයේ ඡායාරූපද වෙයි.
විශේෂයෙන්ම රෝවර් යානය ගොඩබෑමට සම්බන්ධ වූ ජෙට්පැක් ආශ්රිත කැමරාව නිසා රෝවරයට ඔබ්බෙන් සිට පවා ඡායාරූප ගැනීමට හැකි වී තිබේ.
Perseverance රෝවර් යානය අඟහරු ග්රහයා මතට සාර්ථකව ගොඩ බැස ඇති බවට පුවත පාලක මැදිරියේ සිට මුලින්ම ප්රකාශ කළේ ස්වාති මොහාන් ය. පාලක මැදිරියේ ඉදිරිපස පේළියේ රෝවර් යානය ගොඩබැස්සවීමේ ක්රියාවලියේ නියමුවා ලෙස කටයුතු කළ ඇය ඉන්දියානු ඇමෙරිකානු සම්භවයක් ඇති කාන්තාවකි. එමෙන්ම මෙම රෝවර් යානය තුළ වූ විද්යුත් පරිපථ යාන්ත්රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කර ඇත්තේ ශ්රී ලාංකේය සම්භවයක් ඇති මෙලනි මහආරච්චි විසිනි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

