ෆෙඩරල් ලේඛනයේ නම සඳහන් වීමට මාස කිහිපයක් ගතවනු ඇති
යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටියේ යමෙකු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නමක් එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, “යම් පුද්ගලයෙකු සිය පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එම පුද්ගලයාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන් වීමට මාස කිහිපයක් ගතවීමට පුළුවන්." යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී, එක්සත් ජනපද පුද්ගලිකත්වය සම්බන්ධ නීතියට ගරු කරන්නෙකු ලෙස තමාට එක් එක් තනි පුද්ගලයන්ගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
popular news
-
rocky Tuesday, 12 November 2019 01:01 PM
විභාගයට හිටිය පලිය ට පාස්කියලා කියන්න බැහැ නේ. ප්රතිඵලලබෙනතුරු ඉවසල ඉන්න ඕන කොහොමටත් ඔය තත්වයේ හැට්යට ගෝටා තවමත් ඇමෙරිකන් පුරවැසියෙක් කියලා පිලි ගන්නසිද්ධ වෙනවා!
Reply : 1 6
rocky Tuesday, 12 November 2019 05:58 PM
ඒ කියන්නේ එහි නම පල වෙනතුරු අවලංගු කිරීම නිල වශයෙන් පිලි ගැනෙන්නේ නැහැ කියන එක නේ! විභාගේටපෙනී හිටියට හරි යන්නේ නැහැ, රිසල්ට් ශීට් එක ඕන!
Reply : 0 3
ඩේසි ආච්චි Tuesday, 12 November 2019 06:34 PM
රටක ඇමති මංඩලය දිවුරුම් දුන්නත් අදාල විෂයයන් ගැසට්කරන තුරු ඇමතිට රාජකාරි කරන්න බැහැ කියනවා.ඒවගේ ෆෙඩරල් ලේඛනයේ නම සඳහන් වෙනතුරුම ඔහු හෝ ඇය එරට පුරවැසියෙක් ලෙස සැලකීමට සිදුවෙනවානේද
Reply : 0 4
Champa Tuesday, 12 November 2019 07:26 PM
මේක මේ පොදු නිවේදනයක්. ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභයට මේ වගේ vague නිවේදනයක් මදි . දැන් කියනවනේ ඇමරිකන් පුරවැසිකම ඇත හැරීම පෞද්ගලික සහ රහසිගත දෙයක් කියල. ඒ කියන්නේ ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය ඇත හැරියද නැතද කියල රටේ ජනතාවට හෝ මැතිවරණ කොම්පැනියට දැන ගන්න විදිහක් නැහැ. දැන ගන්න තියෙන එකම විදිහ Federal Registry එක. ඒකේ නම වැටුනහම තම්යි ගෝඨාභයට ඔප්පු කරන්න පුළුවන් තමන් ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි කියලා. එතකම් ඕනේ වෙලාවක අහෝසි කරන්න කියපු පුරවැසිභාවය එහෙම අහෝසි කරන්න එපා හෙවත් ඒ ඉල්ලීම අවලංගු කරන්න පුළුවන්, මම දන්නා නීතිය අනුව. ඇමරිකන් පුරවැසිභාවය තියෙන මිනිහෙක් ලංකාවේ ජනාධිපතිවරනයට තරඟ කරනවා නම් කරන්න තිබුනේ නාම යෝජනා දිනය වෙනකොට තමන්ගේ නම American Federal Registry වැටිලා තියෙන්න වේලාසනම තමන්ගේ විදේශ පුරවැසිභාවය අහෝසි කරන ඉන්න එක. මට තියෙන ප්‍රශ්නේ ගෝඨාභය ඇයි ඇමරිකන් MCC SOFA අත්සන් කරන්නේ නැහැ, ACSA අහෝසි කරනවා කියල නමින් කියන්නේ නැත්තේ කියන එක. අර දුන්නු ලියුමත් වංගු ගහපු කණා මුට්ටි ලියුමක්. මේ ටික කියන අතරේම ලියන්න ඕනේ මේ චන්දෙදි "වහල් යහපාලනය අනිවාර්යයෙන්ම පරද්දන්න ඕනේ" කියන එකත්.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

