ශ්‍රී ලංකන් ගුවන් සමාගම IATA හි IOSA ලියාපදිංචිය අලුත් කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් එනම් 2020 දෙසැම්බර්මස 04 වැනිදා තෙක් ලියාපදිංචිය අලුත්කර තිබේ. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිරුපද්‍රතා විගණනය (IOSA) යනු ගුවන් සේවාවක මෙහෙයුම් කළමනාකාරීත්වය සහ පාලන පද්ධති ඇගයීමට නිර්මාණය කරනලද ජාත්‍යන්තරව පිළිගත් ඇගයුම් පද්ධතියකි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහෙයුම් ක්ෂේත්රයේ සෑම අංශයකම ජාත්‍යන්තර ප්රමිතීන්වලට අනුකූලව ගුවන් සේවා නිරුපද්‍රතාව සහ ගුණාත්මක බව පවත්වාගෙන යන අතර, ඒ පිළිබඳව සිදුකළ නිරුපද්‍රතා විගණනයෙන් (IOSA) පසු මෙය නැවත අලුත් කිරීමට කටයුතු යොදන ලද බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. IOSA හි උසස් ප්රමිතීන්වලට අනුකූල වන පරිදි ගුවන් සේවයේ සේවකයන් දහස් ගණනක් ගෝලීය ජාලය පුරා අඛණ්ඩව වැඩකටයුතු කරන අතර, සියලු ගනුදෙනුකරුවන්ගේ සහ කර්මාන්තයේ හවුල්කරුවන්ගේ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරවන බවට කිසිදු සැකයක් නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

