ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනයේ මෙහෙයුම් යළිත්
ගාලු මුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 25කට පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අවසර ලබාදීම සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකරන ආයතන සියල්ලම පාහේ මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර ඇති අතර, සංචාරක හෝටල් බහුල කේන්ද්‍රස්ථානයක් වන ගාලු මුවදොර සිට මෙසේ හෙලිකොප්ටර් අංගනය ක්‍රියාත්මක වීමෙන් සංචාරකයෙකුට පයින් ඇවිද විත් හෝ හෙලිකොප්ටරය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව ඔවුහු පවසති.
විශේෂයෙන්ම පැයක පමණ හෙලිකොප්ටර් ගමනකට තවත් පැයකට පමණ ආසන්න කාලයක් පාරේ ගමන් කරමින් හෙලිකොප්ටර් නැංවීමේ අගනයක් වෙත යෑමට මීට පෙර සංචාරකයන්ට සිදුවූ අතර, එසේ පැවතියේද අංගන දෙකක් පමණි. නමුත්, ජනාධිපතිවරයාට මේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසුව ඉතා කඩිනමින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙම අවසරය ලබාදී තිබේ.
මෙම හෙලිකොප්ටර් අංගනය කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රි-ලා හෝටලයට යාබද, ගාලු පාරට ඉතා ආසන්න ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමි භාගයක ස්ථාපිත කර තිබේ.

popular news
-
Thilo Tuesday, 21 January 2020 10:55 PM
Great Job !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
