කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනයේදීත් අඛණ්ඩ වර්ධනයක
- 20 05 2020
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක ඊයේ (19දා) දිනයේදීත් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, ඒ අනුව අඛණ්ඩව 5 වැනි දිනටත් මේ ආකාරයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ වර්ධනයක් දැකිය හැකි විය.
ඊට පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.18 කින් හෙවත්, 2.04%කින් ඉහළ ගිය අතර, S&P ශ්රී ලංකා 20 මිල දර්ශකය ඒකක 38.94කින් හෙවත්, 2.11%කින් ඉහළ ගියේය.
මෙම වර්ධනයත් සමග ඊයේ ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක ඒකක 4,701.03ක් ලෙසින් සටහන් වූ අතර, S&P ශ්රී ලංකා 20 දර්ශකය ඒකක 1,886.65ක් ලෙස සටහන් විය.
ඊයේ දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
