UNP නව නියෝජ්‍ය නායකත්වයට රුවන් විජයවර්ධන පත්වෙයි
- 14 09 2020
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- ..
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තෝරාගෙන තිබේ.
අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බව වාර්තා වේ.
පක්ෂයේ උපනායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායක ඔහු සමඟ එම ධුරය සඳහා තරගකර ඇත.
ඡන්ද විමසීමේදී රුවන් විජයවර්ධන ඡන්ද 28ක්ද රවී කරුණානායක ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
