SLFP සහාය ගෝඨාභයට
එළැඹෙන ජනපතිවරණයේදී ශ්රී ලංක නිදහස් පක්ෂයේ සහාය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හෙට දිනයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය හෙට අනුරාධපුරයේදී පැවැත්වීම නියමිත අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිතව තිබේ.
popular news
-
kuma Tuesday, 08 October 2019 11:25 PM
Good decition ...
Reply : 0 0
ගෝටාභය Wednesday, 09 October 2019 06:43 AM
පෙරස්ත්රොයිකාවට පෙර රුසියාවට පැමිණි ඇමරිකානුවෙක් සිය රුසියානු මිතුරෙකුද සමග ක්රෙම්ලිනය අසලින් ගමන් කරන විට ඇමරිකානු මිතුරා තම රුසියානු මිතුරාට මෙසේ කීය. "උඹ දන්නවද අපේ රටේ මිනිසුන්ට මොන තරම් නිදහසක් තියෙනවද කියල. අපිට ඕන නම් පුළුවන් ධවල මන්දිරේ ඉස්සරහට ගිහින් ඇමරිකාවෙ ජනාදිපතිට බනින්න වුනත්. කාටවත් බෑ අපිට මුකුත් කරන්න"...එවිට රුසියානු මිතුරාද සැනෙකින් මෙසේ කීය "ඇයි අපිටත් ඒ වගේම නිදහසක් තියෙනවා..අපිටත් පුළුවන් ඕනෙ වෙලාවක ක්රෙම්ලිනය ඉස්සරහ ඉඳන් ඇමරිකාවෙ ජනාදිපතිට බනින්න"...ඉතිං ගෝටාභයගේ ගෝලයෝ නිදහස කියා සිතා සිටින්නේ රනිල්ට හා මෛත්රීට ප්රසිද්ධියේ බැන වැදීමට ඇති නිදහසයි ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ වුවද, රනිල්/මෛත්රි ආණ්ඩුවක් යටතේ වුවද රනිල්ටත් මෛත්රීටත් බැන වැදීමේ නිදහස භුක්ති විඳිති...ඔවුන්ව ඒ නිසා කිසිවෙක් උස්සගෙන ගොස් පෝද්දල ජයන්තගේ මෙන් අතපය කඩන්නේ නැත. එනිසා "ඇයි මේ රටේ නිදහස නෑ කියන්නෙ?" යැයි ඔවුන් අපෙන් අසති. අර රුසියානුවාගේ අවබෝධයට ඔවුන්ගේ අවබෝධය බෙහෙවින් සමානය.
Reply : 0 0
dilal Wednesday, 09 October 2019 05:40 PM
මෙතන කිසිම් අලුත් හෝ විශේස දෙයක් නැහැ. 2015 ජනාධිපතිවරණදී ශ්රී ලංකා නිදහස් පක්ෂය මහින්ද මහතාට චන්දය දුන්න මිසක් Sirisena මහතාට චන්දය දුන්නේ නැහැ,මෙවරත් ගොටභය මහතාට චන්දය දෙනවා මිසක් වෙනත් කෙනෙකුට චන්දය දෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

