ක්‍රිකට් පරාජයේ වගකීම ලේකම්ගෙයි
ක්‍රිකට් තරගවල පරාජයේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා භාරගත යුතු බවත් මේ නිසා වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය පත්කර ගැනීමට කටයුතු කළ යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
මේ ආකාරයට පහළ තත්ත්වයට පත්වීම ගැන කනගාටු වන බවත් දින 14 කට පෙර කාලය ගතහොත් අපේ රට ක්‍රිකට්වලින් ලෝකයේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටි බවද අද (20දා) පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.
සුළු සුළු අඩුපාඩු ලොකුවී ගියාම පොඩි වෙනසකදී පවා අප පහළට වැටෙන බවද මේ නිසා දක්ෂතා ඇති කණ්ඩායමක් ලෙස සැලසුමක් අනුව ඉදිරියට යායුතු බවද සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ක්‍රිකට් ගැන සෙවීමට අමතරව වැඩ කටයුතු රාශියක් තිබෙන බවත් මේ නිසා ක්‍රීඩා 62ක් තිබෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රිකට් වලට පමණක් ඇමතිකම් දැරීම අමතක කර ක්‍රීඩා වෙනුවෙන්ම අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවද පවසා සිටියේය.

popular news
-
Dayan Thursday, 20 September 2018 06:05 PM
ඔව් මන් හරි. ක්‍රිකට් කාපු කෙනාගේ උත්තරේ.
Reply : 0 2
Champa Thursday, 20 September 2018 10:51 PM
නියම කැකිල්ලේ තීන්දුව. ලේකම් ක්‍රිකට් ගැහැව්වද නැහැ. වගකීම ගන්න ඕනේ team එකේ දුර්වල විදහට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝයි තේරීම් කමිටුවයි. උඩ පන්දු ඇත හැරපු හැමෝවම අයින් කරලා උඩ පන්දු රැකීම ගැන විතරක් workshop එකක් තියන්න ඕනේ. පැය 100ක් උඩ පන්දු රකින්න කියන්න ඕනේ. ඊට පස්සේ තමයි ආපහු team එකට ගන්න ඕනේ. තුන් ඉරියව්ව බැරි බැරි වුනාට අඩු ගානේ ඉරියව් දෙකක් හොඳ අයව team එකට ගන්න ඕනේ.
Reply : 0 4
Daham Friday, 21 September 2018 02:00 AM
පස්සෙන් කියන කතා .
Reply : 0 5
Nandana Tuesday, 25 September 2018 05:32 PM
ගොබ්බ කතා කියන්න එපා හලෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

