සිදුවුණ දේ ගැන මම ලැජ්ජා වෙනවා - ශ්රමන්ත
“සිදු වූ දේ ගැන මම ලැජ්ජා වෙනවා” යැයි රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිත ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම පසුගියදා ජනපති සමාව ලැබූ ජූඩ් ශ්රමන්ත ශ්‍රී ලංකාකිකියන් වෙත විවෘත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
ජනපති සමාවෙන් නිදහස් වූ ශ්රමන්ත තම ක්‍රියාව සම්බන්ධයෙන් ජොන්සන් පවුල වෙත කනගාටුවද ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ විවෘත ලිපිය කෙටියෙන්..
“ මගේ දෙමාපියන් දික්කසාද වූ නිසා මම කැඩුණු භාණ්ඩයක් වුණා. මම තිනවමයි හැදී වැඩුණේ. පවුලක සමීපතමයෙකු වීම කුමනාකාරයේ කරුණක්ද යන්න ගැන මම දැනගෙන සිටියේ නෑ. ඒ වන විට මගේ වයස අවුරුදු 16යි.
දැන් මට අවුරුදු 34ක්. මගේ තරුණ කාලයම මම ගතකළේ සිරගතව අඩි 6 X 8 කාමරයක. මට හිරු එළිය ලැබුණේ දිනකට විනාඩි 30ක් පමණයි. ඒක මගේ ජීවිතයේ අඳුරුතම කාලයක්. මම නිදා ගත්තේ බිමයි. දවසකට පැය 12ක් මාව හිර කරලා තිබුණේ.
මම දන්නවා ඔබගේ වෛරය හා තරහා මා කරෙහි බව. නමුත් අවුරුදු 19 දී හිරගත වූ කෙනා නෙමයි දැන් මම ”
ජොන්සන් පවුලට - ජොන්සන් පවුලට සිදුවූ දේ ගැන කනගාටුව ප්‍රකාශ කරන්න මට වචන නෑ. කාටවත් නපුරක් කිරීමේ අදහසක් මට තිබුණේ නෑ. මේ වේදනාව පිටතට ගන්න වචන මට නෑ. ඔබ වෙනුවෙන් සිදුවූ දේ නැවත නිවැරදි කිරිම වෙනුවෙන් මට කරන්න හෝ කියන්න දෙයක් නෑ.
ඔබ මාව දරුවෙකු ලෙස දන්නවා. සිදුවූ දේ ගැන මම මහත්සේ ලැජ්ජාවට පත්වෙනවා. මේ සිදුවූ දෙහි වේදනාව ඔබ සියලු දෙනාට මෙන්ම මගේ පවුලටත් තිබෙනවා. පසුගිය වසර 15 සෑම දෙනෙකුටම දුක, අහිමීවීම් තිබූ කාලයක්. මම කීප අවස්ථාවක්ම ඔබව සම්බන්ධ කරගෙන මගේ කනගාටුව හදවතින්ම ප්‍රකාශ කිරමට උත්සාහ කළා.නමුත් එය සාර්ථක වුණේ නෑ. මට ඉවොන්ව නැවත දෙන්න බෑ. “
සමාජයට - ඔබගේ තරහව මට දැනෙනවා. මම දැන් වෙනස් මනුස්සයෙක්.මට මීට පෙර රතන හමුදුරුවෝ මුණ ගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා. මම ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හැදෑරුවා.
ලන්ඩන් ව්‍යාපාරික පාසලෙන් මම මේ උපාධිය ලබාගත්තේ මට අන්තර්ජාලය සඳහා ප්‍රවේශ වීමට පවා පරගනකයක්වත් නොමැති විටයි. අඩුම තරමේ මට මේසයක් වත් තිබුනේ නෑ. මම වැසිකිලිය මත වාඩි වී මගේ කොට්ටය මේසයක් කර ගත්තා.මම මේක කළේ මම වෙනස් වී ඇති බවට පෙන්වීමටයි. මම විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධියට මම හදාරණවා.”

popular news
-
Kumar Thursday, 14 November 2019 09:48 PM
මෙලොව ඉන්න කෙනාට ලජ්ජා හිතෙනවා. කියල බේරෙන්න පලුවන්. ඔය මොනවා කිව්වත් පරලොව යැව්වා කෙනාට ආපසු ඒමක් නැහැනේද.
Reply : 1 0
Rufus Randeniya Friday, 15 November 2019 02:36 AM
ඔබ විතරක් නොව, අපත් ලජ්ජාවට පත්වුණා ජනපති දුන් සමාව ගැන. ජනපති කෙනෙක් අමු මිනිමරුවෙක් මරණීය දණ්ඩනයෙන් මෙන්ම හිරෙන්ද නිදහස් කර යැවීම ජනපති සමාව නිර්ලජ්ජිතව හෑල්ලු කිරීමකි. විසිවන සියවස තුළ ඇමෙරිකාවේ විසිදහකට වඩා දෙනෙකුට ජනපතිවරු මරණ දඬුවමින් සමාව හෝ මරණ දඬුවම වෙනුවට සිර දඬුවමක් ලබා දී ඇත. එසේ සමාව ලැබුවන් යුද සමයේ මෙන්ම පසු කාලයේද කර තිබු වැරදි වී තිබෙන්නේ අදායම් බදු වංචා, කැරලි ගැසීම්, පොදු වාහන වල සීමාව ඉක්මවා සෙනග නංවාගෙන යාම මෙන්ම වහලුන්ට පැන යාමට ඉඩ හැරීම වැනි දේටය. තරුණියක් අල්ලාගෙන ඔලුව චප්ප කළ අයකුට අපේ ලොක්ක සමාව දීම අදහාගත නොහැක. එසේ කිරීම නිසා, එම වින්ධිත පවුලට රජයෙන් විශාල වන්දියක් ගෙවිය යුතුය. යන්න ඔන්න මෙන්න තියල ලොක්ක කොර ගත්තු දෙයක්.
Reply : 2 3
Nelum Friday, 15 November 2019 04:24 AM
Now you are playing the sympathy card . If you really want Yvonne's family to have closure spend the rest of your life in prison . How would they feel when you start a new life when their loved was killed by you . Suffer in prison . You low life .filth
Reply : 1 0
ගැමුණු Friday, 15 November 2019 08:50 PM
පුතා ඔබ බුදු දහමේ මග පෙන්වීම ලබා ආපසු යහපත් මානසිකත්වයට පත්වීම ගැන සතුටුයි. නමුත් ඔබ නීත්‍යානුකූලව ලැබූ දඬුවමෙන් නිදහස් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ රටේ ජතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා නම් එයට කිසිසේත්ම ඒකඟ වෙන්න බෑ ...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
