ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ඔප්පු වී නෑ
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගත් බවට වන සිදුවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිළිතුරක් ලබාදිය හැකිවෙනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම එවැනි සිදුවීමක් තමන්ට ලැබී තිබෙන තොරතුරු අනුව තවමත් ඔප්පු වී නොමැති බවත් ඔහු පැවැසීය.
දිවංගත අනුුරුද්ධ රත්වත්තේ මහතාගේ දානමය පිංකමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මට පේන විදිහට මට තාම වචනයක් කියන්න බෑ දැනට තිබෙන තොරතුරු අනුව නම් මෙහෙම සිදුවීමක් ඔප්පුවෙලා නෑ. ජපන් තානාපති කාර්යාලයේ තිබෙන සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කළාට පස්සේ ස්ථිර වශයෙන්ම පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.
ජපන් නිවසේ පිටුපස තිබෙන එක (CCTV) බලන්න වෙනවා. අනිත් ඒවා අපි බලලා තිබෙන්නේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒක ඇත්ත කථාවක්ද බොරු කථාවක්ද කියලා.”

popular news
-
Deepal Nirosh Monday, 02 December 2019 11:56 AM
ස්විස් නාටකය තාම ඔප්පු නොවුන වගේම ඉදිරියටත් ඔප්පු වෙන ඒකක් නැහැ. හැබැයි මහත්තයෝ දැන් ඔය පැහැර ගැනීමකට ලක්වෙලා (?) අසාධ්‍ය වෙලා ඉන්නවයි කියන අය ප්‍රතිකාර ගන්න ස්විස් රටට යන්න අවසර ඉල්ලලලු. කට උත්තර අරගෙන නම ගම හෙළි කර ගන්නෙ නැතුව රට පනින්න ඉඩ දුන්නොතින් ඉතින් ඒක්සත් ජාතීන්ගේ මීළඟ මානව හිමිකම් සමුළුවේ දි වෙන දේ ගැන හිතා ගන්න පුළුවන් නේද? ඇත්ත බොරු මොක්දද කියල රටට විතරක් කියල නම් ඵලක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

