සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 31 ත් 68 ත් අතර පසුවන මෙම පුද්ගලයන් , දේශීය සහ විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපළෙන් පිටව යෑමේ දී තමන්ගේ කුළී රථ ගමන් ගන්නා ලෙස බලපෑම් කිරීම සහ පසුව ඔවුන් බලහත්කාරයෙන් තම රථ වල එම මගීන් නංවා ගෙන , ඒ සඳහා ගමන් ගාස්තු වශයෙන් ඉතා අසාධාරණ මුදල් අය කර ගත් බවටත් චෝදනා රාශියක් පසුගිය සති වල ඔවුන්ට එල්ල වී තිබුණි.
මෙසේ පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ එසේ දේශීය සහ විදේශීය සංචාරයකයන්ට බලපෑම් සිදු කළ පුද්ගලයන් බව මේ වන විට හඳුනා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බළකාය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර , මෙම කටයුතු වලට සම්බන්ධ තවත් පිරිස් සොයා ඉදිරි දින වල දී තවත් වැටලීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවට ද තොරතුරු වාර්තා වේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

