ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 ක්කටුනායකට
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ කරදර හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන බව සඳහන්. ඔවුන් සේවය සදහා ගොස් සිටි නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර, කරදර ඉවසා ගෙන සිටීමට නොහැකි විට, ඔවුන් එම නිවෙස් වලින් පැන යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර, ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ "සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අය වෙති.
ඔවුන් අද දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි . ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව , ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

