විශ්‍රාමික වෛද්‍යවරු හා හෙද නිලධාරින් තාවකාලික බඳවා ගැනිමේ තිරණයක
සබරගමු පළාතේ රෝහල්වල පවතින තදබදය වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිඟය මඟහැරීම සඳහා සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුලූව විශ්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
සබරගමු පළාතේ වෛද්‍යවරු 218 දෙනෙකුගේ සහ හෙද නිලධාරීන් 33ක් මේ වනවිට පුරප්පාඩුව පවතින බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ ( 30) දා සඳහන් කළේය.
මේ වනවිට වෛද්‍ය සේවයේ පුරප්පාඩු වෙනුවෙන් විශ්‍රාම ලද සහකාර වෛද්‍ය සේවයේ නිලධාරින් තාවකාලික පදනම මත යළි බඳවාගෙන ඇති බවද පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේය.
සබරගමු පළාත් මුල් ජනගහනය ලක්ෂ 21කි. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පළාත් මහ රෝහලක් ඇතුළුව, මුලික රෝහල්, ප්‍රාදේශීය රෝහල්, පර්යන්ත රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා ඇතුලූව හැටකට ආසන්න සංඛ්‍යාවක් පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

