කටුගස්තොට නගරයේ කුඩා පාලම අසලින් මහවැලි ගඟට වැටී ගඟේ ගිලුණු තරුණියගේ සිරුර ප්රදේශයේ තරුණ පිරිස ගත් දැඩි වෙහෙසකින් පසුව සොයා ගනු ලැබීය.
අද 11 වනදා පෙරවරුවේදී මෙම තරුණිය ගඟට වැටී දඟලමින් සිටිනු දැක ඇති අසල සිටි තරුණ පිරිස් ගඟට පැන ගඟ සහ එයට යා වන පිඟා ඔය පීරා තරුණියගේ සිරුර සොයා ගනු ලැබීය.
මෙම තරුණිය යම් කිසි සිත් තැවුලක් හේතුවෙන් කටුගස්තොට කුඩා පාලමෙන් මහවැලි ගඟට පැන දිවි නසා ගන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුගස්තොට යහලතැන්න ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ඇඟළුම් කම්හලක සේවය කළ තරුණියක් බව හඳුනා ගෙන තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
