දේශපාලන කරළියේ විශාල පෙරළියක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමට මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුළ දේශාපාලන කරළියේ විශාල පෙරලියක් ඇති වීමට ඉඩ ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ඔහු මේ බව පැවැසුවේ ගිනිගත්හේන නගරයේදී අද (19දා) මාධ්‍යයට අදහස් දක්වමිණි.
“අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජනාධිපති අපෙක්ෂකයෝ, ජනාධිපතිරණය තවම ප්‍රකාශයට පත් වෙලා නෑ. අඩුම තරමේ අද ඉදන් දින 44 තියෙනවා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ තත්ත්වය දක්වා.
මේ අතුරතර තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපේ දේශපාලන ඉවට මේ වනකොට පේනවා, පළාත් සභා මැතිවරණය ඉස්සෙල්ලා අවොත් පුදුම වෙන්න අවශ්‍යතාවයක් නෑ.
පළාත් සභා මැතිවරණය තමයි අද ප්‍රමාදයට පත් වෙලා තියෙන මැතිවරණය. ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා තියෙනවා. 23දා , 24දා , 26දා වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ පිළබදව ලැබෙයි කියා විශ්වාස කරනවා. පළාත් සභා ඡන්දය මුලින්ම ආවොත් පුදුමයට පත් වෙන්න එපා.
පළාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධූර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක.
ඔක්තොම්බර් 1 වෙනිදා වෙනකොට දේශපාලනයේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. අපි නොහිතන අපෙක්ෂකයෝ එන්න පුළුවන්.”

popular news
-
Champa Monday, 19 August 2019 04:59 PM
පළාත් සභා චන්දයයි ජනාධිපතිවරණයයි අතරේ සම්බන්දයක් නැහැ. පළාත් සභා මැතිවරණය ඕනේ වෙලාවක් තියාන පුළුවන්. ජනාධිපතිවරණය නියමිත වෙලාවට තිබිය යුතුයි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති වෙලා ඒක දිගට දිගට අරන් ගිහින් ඇමරිකන් හමුදාවත් ගොඩ බස්සගෙන චන්දෙට යන්න හිටපු වැඩේ හරි ගියේ නැහැ. දැන් පළාත් සභා චන්දෙ ගෙනල්ල සිංහල සිංහල ගැටුම් ඇති කරලා ඒ පිටින් දාල ජනාධිපතිවරණෙ කල් දාන්න හදනවා නම් ඒක හරිම ලාමක අදහසක්. දේශපාලකයන් බලයට මොන තරම් කාදැරද කියල දැන් නම් පේනවා මේ කතාවෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

