දිපාවලි උත්සවයට වතුකරයට පැමිණි දෙදෙනෙකුට කොවිඩ්
දිපාවලි උත්සවයට වතුකරයේ තම නිවාස වලට පැමිණි අවු 20 තරුණයෙකුට සහ අවු 38 දෙදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට (19) දින නිකුත් වු පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ගාඩ්මොර් පොක්මොර් වතුයායේ පදිංචි දෙදෙනෙකුටයි මෙසේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇත්තේ.
වැල්ලවත්ත සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල පෙදරේරුවන් වශයෙන් එකම ස්ථානයේ සේවය කල ආසාදිතයන් දෙදෙනා (12) දින කොළඹ සිට තම නිවසට පැමිණ සිටි බවත්, ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමෙන් පසුව සිදු කල පි.සි.ආර් පරික්ෂණයෙන් මෙම දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
ආසාදිතයන් දෙදෙනා එම වතුයායේ පදිංචි සමිපතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත් , ආසාදිතයන් දෙදෙනා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

