දිනකට පැය දෙකක විදුලි කප්පාදුව නවතී
ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03දා) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තේය.
ඒ අනුව කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටියේය. එසේ උද්ගත වූ තත්ත්වය මත දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේය.
එහෙත් මේ සම්බන්ධව මැදිහත් වූ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත ස්ථාවට උපදෙස් දුන්නේය.
අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කරන ලදී.
ඒ අනුව නැවතත් අඛණ්ඩවම විදුලිබලය මහජනතාවට සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.
popular news
- 
                            හුළගට ගැනෙන තීරණ Tuesday, 04 February 2020 04:28 AM හරි හරි සර් ... චන්දෙන් පස්සේ.. චන්දෙන් පස්සේ . හුළගට ගැනෙන තීරණ Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                