කාවිංග පෙරේරා රිමාන්ඩ්
4.20 PM කාවිංග පෙරේරා රිමාන්ඩ්
අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව ඔහු ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
1.26 PM කාවිංග පෙරේරා අත්අඩංගුවට
අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තලංගම වේලේ කඩේ හන්දිය ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගොස් තිබේ.
සිද්ධියෙන් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයේ සිටි පිරිස් විසින් නවත්වාගෙන ඇත. සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

