එජාප ගැටලුවට නවීන්ගෙන් යෝජනාවක්
එක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා යෝජනා කර සිටියි.
එහිදී අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු 'දිනිය හැකි' අපේක්ෂකයෙකු විය යුතු බව සඳහන් කරන ජාතික සංවිධායකවරයා, එසේම ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු විය යුතු බවද අවධාරණය කරයි.
අංක 02ට පමණක් ජයග්‍රහණය කළ හැකි බවට ප්‍රකාශ සිදු කරන ඇතැමුන් අංක 01ට දිනීම අමාරු යැයි ඔප්පු කර පෙන්විය යුතු බවද ජාතික සංවිධායකවරයා පැවැසීය.
“ඕනෑම පක්ෂයක හෝ සංවිධානයක 1 හා 2 එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි. ඒකයි මූලික නීතිය. ඒ දෙක එකතු වෙලා වැඩ කළේ නැත්නම් පුංචි මිනිස්සු දුක් විඳිනවා. 1 හා 2 සාකච්ඡා කරලා හොඳ තීරණයකට එන්න ඕනේ කියන එක ඒ නිසා අපි සාකච්ඡා කළා. මොකද අපේ එකමුතුකම තුළයි ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්.
අපට සංවිධානයක් වුණහම නිගමනවලට එන්න බැහැ එක දිනනවා දෙක දිනනවා කියලා. සමහරු කියනවා දෙකට විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතිං අපි කියනවා සමීක්ෂණ දත්ත පෙන්වන්න කියලා. නමුත් පෙන්වන්නේ නෑ. 01ට දිනන්න අමාරු නම් අපට ඒක ඔප්පු කරන්න ඕනේ.
අපි පැහැදිලිවම දැනගන්න ඕන එකට දිනන්න බැහැ කියලා. එකට දිනන්න බැරි නම් එකම තීරණයක් ගන්න ඕනේ වෙන කෙනෙක් ඉදිරිපත් කරවන්න. කෙසේ වුණත් එකත් කියනවා නම් ඉල්ලන්න ඕනේ කියලා, දෙකත් ඒකම කියනවා නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා.
ඔක්කොම 68ක් ඉන්නවා. අපි රහස් ඡන්දයකට ගිහිල්ලා බහුතරයේ කැමැත්ත මත තීරණයක් ගමු. එක හෝ දෙක හෝ වෙනත් කවුරුහරිත් එන්න ඉන්නවා නම් ඒකත් තීරණය කළ යුතුයි සාකච්ඡා කරලා වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට. දිනන්න පුළුවන් අපේක්ෂයෙක්. හැබැයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා. ඒකයි අපේ ඉල්ලීම” යනුවෙන්ද පවසා සිටියේය.

popular news
-
ගමගේ Wednesday, 11 September 2019 04:15 AM
ඔය කියන "එක" කී වතාවක් පරද වුනාද කියල මේ මහත්තයට අමතක වීම ඉතාම කණගාටුයි. He has been the one and only 20 years non-stop loser. What more man??? ඊට අමතරව අර මහා බැංකු කොල්ලෙටත් අත ගහපු ඔය "එක" ඉතින් UNP එකම අයේ අගාදයට ගෙනියන එක නොඅනුමානයි. මහජනතාව දන්නවා එහෙත් මේ දිසානායක උන්නැහේ දන්නේ නැහැ. මොකක්ද මෙයට පොඩි ඉර්ශියාවක් තියෙන වගේ පෙනෙන්නේ. හැබැයි සජිත් ආණ්ඩුවේ සල්ලි වලින් තුට්ටු දෙකේ ගෙවල් හදල දුප්පත් ජනතාවට් දෙනවා හැරෙන්න සල්ලි එන්නේ කොහොමද කියල දන්නා වගක් නැහැ,, එයාගේ තාත්ත කොරෙත් මුළු රජයම බංකොලොත් කරපු එකයි. සජිත්ට දිනන්න දීල ඔය කවුරුත් එයට හරි මග යන්නට උදව් උනොත් UNP එකත් ගොඩයි, ඔයාලත් ගොඩයි. අපිත් සුදු van කාරයන්ගෙන් ගොඩයි. ශ්‍රී දළදා මාලිගාව වටේ පර්දේසි ගණිකාවෝ ගෙනත් රේස් යන අයගෙන් බේරගන්නත් පුළුවන්.
Reply : 0 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

