ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ 19,074 අවතැන්
රත්නපුර දිස්ත්‍රික්කයට (19) දින සිදු වූ ආපදා තත්ත්වය ගංවතුර, නාය යෑම්, සුළං වැනි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ටම බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 575 ක් පවතින අතර අද (22) පස්වරු 4.00 වන විට ඉන් වසම් 284 කින් ආපදා සිදුවීම් වාර්තා වුණා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 5032 ක පුද්ගලයින් 19,074 දෙනෙකු ආපදාවට ලක් වී තිබෙනවා.
දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර මරණ 02 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, අනෙක් මරණය පැල්මඩුල්ල කොට්ඨාසයෙන් ද වාර්තා වුණා. පූර්ණ හානි වූ නිවාස 22 කි. අර්ධ හානි වූ නිවාස 1872 ක් වේ.
දිස්ත්‍රික්කයේ වෙනත් දේපල හානි 446 ක් වාර්තා වී ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 64 ක පුද්ගලයින් 228 ක් සිය ඥාති නිවාසවල සිටිති. එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 06 ක පවුල් 29 ක පුද්ගලයින් 117 දෙනෙකු ද සිටින බවද දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළේය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

