අයථා ආකාරයෙන් උපයාගත් මුදල් පාස්කු ත්රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා
අයථා ආකාරයෙන් උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
දෙමටගොඩ තඹ කර්මාන්ත ශාලාවට අදාළ සිදුකළ විමර්ශන වලට අදාළව මෙම තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව රිෂාඩ් බද්යුදීන් මහතා සඳහන් කළේ තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් තමන්ට ලිපියක්ද යොමුකර ඇති බවයි.
මෙයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2019 දී නිකුත් කළ එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ එතෙක් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැති බව යැයිද ඔහු පැවැසීය.
ඒ අනුව එය ඉදිරි විමර්ශන සඳහා වලංගු නොවන බවත් එම ලිපිය දැන් වලංගු නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ සම්බන්ධයෙව දිගටම පරීක්ෂණ කරන බවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරයේ වරදකට රිෂාඩ් බද්යුදීන් මහතා සම්බන්ධ බවට තවමත් තොරතුරු ලැබී නොමැති බවද ඔහු පැවැසීය.
මෙම විමර්ශයේ අනෙකුත් කොටස් දැනට මාධ්‍ය වෙත අණාවරණය කළ නොහැකි බවත් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරයි.
popular news
-
Anthony Ferdinedez Wednesday, 29 July 2020 05:21 AM
So how can Sajaith Premadasa Samagi Bala Vegaya requesting votes from us when they have people like Rishard Bathudeen supporting the Good Friday Bombing?? Similarly there are accusations to Rauf Hakeem who also have supported the extremist Sensible people whether Sinhala Tamil and right minded Muslims should NOT vote for this party who is safeguarding these politicians
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

