අපද්‍රව්‍ය කන්ටේනර් ගෙන්වූ සමාගම පිළිබඳව BOI කරුණු පහදයි
බ්‍රිතාන්‍යයේදී භාවිතයෙන් ඉවත් කළ මෙට්ට ඇතුළු අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් මෙරටට ගෙන්වූ බව කියන සමාගම ආයෝජන මණ්ඩලයට අයත් සමාගමක් හෝ ආයෝජන මණ්ඩලයට අයත් කලාපයක ක්‍රියාත්මක සමාගමක් හෝ නොවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව තවමත් මෙම කන්ටේනර් තොගය ඇත්තේ කොළඹ වරායේ බවද ඔවුන් සඳහන් කරයි.
මේ අතරම ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ 2014 වසරේ සිට කටුනායක අපනයන සැකසුම් කලාපයේ ක්‍රියාත්මක 'හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ්' නම් සමාගමද 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍යයේ සිට මෙට්ට සහ බුමුතුරුණු ඇතුළත් කන්ටේනර් 130ක් මෙරටට ගෙන්වා ඇතැයි එම මණ්ඩලය පවසයි.
ආයෝජන මණ්ඩලය සහ එම සමාගම අතර පවතින එකඟතාව අනුව අදාළ ද්‍රව්‍ය නැවතත් ප්රතිඅපනයය කිරීමක් සිදු වන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව මේ වන විට එම කන්ටේනර් අතරින් 29ක් ප්‍රති අපනයනය කර තිබේ.
කෙසේ වෙතත් 2018 වසරේදී එම මණ්ඩලය සිදුකළ නිරීක්ෂණයකට අනුව මෙම කන්ටේනර් තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රති අපනයනය නොකර නිදහස් වෙළෙඳ කලාපය තුළ තබා ගෙන සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව, හැකි ඉක්මණින්ම ආයෝජන මණ්ඩල එකඟතාව අනුව සහ ඊට අදාළ පාරිසරික රෙගුලාසිවලට යටත්ව කටයුතු කරන මෙන් එම සමාගම වෙත දැන්වූ බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අතරම 2018 පෙබරවාරි මාසය අවසන් වීමට පෙරාතුව අදාළ තොගය ඉවත් කර නොගන්නේ නම් මෙම 'හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ්' සමාගමට ඉදිරියටත් මෙවැනි භාවිත කළ ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම අත්හිටුවීමේ නියෝගයක් පැනවීමටද ආයෝජන මණ්ඩලය එම අවස්ථාවේදී පියවර ගෙන ඇත.
එහෙත් සිය සමාගමේ තාක්ෂණික සහ තවත් ගැටලු පවතින බව පවසමින් එම කාලය ඇතුළත අදාළ භාණ්ඩ තොගය රටින් පිට කිරීමට එම සමාගම අපොහොසත්ව තිබේ. ඒ අනුව මේ කාරණාව සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට ආයෝජන මණ්ඩලය තීරණය ගෙන ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

popular news
-
Nandana Friday, 19 July 2019 09:40 PM
BOI එක හිතාගෙන ඉන්නේ අපි බත් කන බුරුවො කියල , ඕව කියපල්ලා දියවන්නාවේ. ඉන්න අයට
Reply : 0 2
Champa Saturday, 20 July 2019 11:10 AM
මොකොට බලා ඉන්නවද? වහාම මේ සමාගම තහනම් කරන්න ඕනේ. අනිත් එක ආයෝජන මණ්ඩලය කුණු ප්‍රතිඅපනයනය කරන්න අවසර දුන්නලු? මට නම් මේ කතාව විකාරයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

