අගමැතිට එරෙහි 4වන කැරැල්ල දැන් ක්‍රියාත්මකයි - යාපා
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගේම් ගැසීමට කිසිවෙකුටත් නොහැකි බව තමන් අත්දැකීමෙන්ම දන්නා බවයි.
ජනබලය නොමැති වුවද එක්සත් ජාතික පක්ෂය ඇතුලත සියලු බලයන් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (21දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“එක්සත් ජාතික පක්ෂය සන්ධානගතවූ පසු ජනාධිපතිධුර අපේක්ෂකත්වයට කරු ජයසූරිය මහතා පත් කිරීමට බොහෝවිට ඉඩක් තිබෙනවා. මොකද ඔහු පක්ෂ නායකත්වය ආරක්ෂා කරනවා. රනිල් වික්‍රමසිංහ එක්ක චෙස් අදින්නත් බෑ. දාන් අදින්නත් බෑ. මේ හතරවැනි කැරැල්ලෙන් ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනෙක් විසිවෙන්න පුළුවන්” යැයිද ඔහු එහිදී පවසා සිටියේය.

popular news
-
Sanath Wednesday, 21 August 2019 02:11 PM
පිටිපස්සෙන් පිහියෙන් අනින්ට ඉඩ දෙන්න බඒ
Reply : 0 0
Kumar Wednesday, 21 August 2019 09:27 PM
ඔයගොල්ලන්ට වෙන වැඩක් නැද්ද. ඉස්සර වගේ තමන්ගේ ආසනය වෙනුවෙන් වැඩ කරනවා කියල එක්ක නැහැනෙ. ඒ නිසා වෙන්න අනුන්ගේ කුණු හොය හොයා යන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

