ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්වීපාර්ශ්වික වෙළෙඳාම ගැන සැසියක්
( ෂමිල පෙරේරා ) 2015-07-09 21:57:19
Comments - 0       Views - 581

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාම පිළිබඳව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පසුගියදා විශේෂ සැසියක් පැවැත්විණි.

මෙම සැසිය සඳහා ආරාධිත දේශකයෙකු ලෙස බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් අශාන් මහතා සහභාගි වී ඇති අතර, වාණිජ මණ්ඩල ව්‍යාපාරි සාමාජිකයන් හට වෙළෙඳාම හා බංග්ලාදේශය සම්බන්ද අනෙකුත් කරුණු සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති තිලක් ගොඩමාන්න මහතා මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව පවත්වා තිබේ.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්වීපාර්ශ්වික වෙළෙඳාම ගැන සැසියක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :