ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයෙන් ව්‍යාපාර සැසියක්
( නරේන් විශ්වජිත් ) 2015-07-08 20:00:31
Comments - 0       Views - 809

චීනයේ ගුඅන්ෂු ප‍්‍රාන්තයේ සිට පැමිණි 39 දෙනෙකුගෙන් යුතු ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පවත්වන ලද විශේෂ ආයෝජන සමුළුවට සහභාගි වී තිබේ.

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විශේෂ අමුත්තා ලෙස මීට සහභාගි වී ඇති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම සමුළුවේදී විශේෂ දේශන පවත්වා තිබේ.

තවද, මෙම අවස්ථාවේදී චීනයේ ගුඅන්ෂු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, මෙය චීන ශ්‍රී ලංකා සබඳතා නව මාවතකට යොමු කිරීමක් ලෙස ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයෙන් ව්‍යාපාර සැසියක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :