X
GEM 2018 සමුළුව ඇමෙරිකාවේදී ඇරඹෙයි
( ෂමිල පෙරේරා ) 2018-04-16 15:00:46
Comments - 0       Views - 304

හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ගෝලීය බලගැන්වීම් සමුළුවට (GEM 2018 සමුළුව) සහභාගී වීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (16දා) දිවයිනින් පිටත්ව යයි.

හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ගෝලීය බලගැන්වීම් සමුළුව (GEM 2018) ගෝලීය සංවර්ධනයන් ඉහළ පෙළේ පර්යේෂණ සඳහා වන ප්‍රාථමික සැසියයි.

මෙම සමුළුව සඳහා ලොව ඉහළ පෙළේ ව්‍යවසායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අධ්‍යාපනාඥයන් 100ක් පමණ සහභාගී වීමට නියමිතය.

GEM 2018 සමුළුව ඇමෙරිකාවේදී ඇරඹෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :