CSE ලැයිස්තුගත නීති සම්බන්ධ යෝජිත සංශෝධන සාකච්ඡාවට
( ෂමිල පෙරේරා ) 2017-05-09 01:35:17
Comments - 0       Views - 451

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන 'කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත නීති සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන' පිළිබඳව අර්ධ දින  සම්මන්ත්‍රණයක් 2017 මැයි මස 19 වැනි සිකුරාදා දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා නො.450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම යෝජිත සංශෝධන මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ බලාපොරොත්තු වන්නේ, තොරතුරු අනාවරණයන්හි තත්ත්වය, විනිවිදභාවය සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ කාලසීමාවන් වැඩි දියුණු කිරීම බව කියයි.

මෙම සම්මන්ත්‍රණය අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ කළමණාකාරවරුන්, ගණකාධිකාරවරුන්, නීතිඥවරුන්, ඒකක භාර සමාගම් සහ පොදු ජනතාවට වැදගත් වනු ඇති බව ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මීට ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 011-4741788 යන දුරකථන අංකය ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.    

CSE ලැයිස්තුගත නීති සම්බන්ධ යෝජිත සංශෝධන සාකච්ඡාවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :