ඵලදායීතා වර්ධන ශිල්පීය ක්‍රම එක් දින වැඩමුළුව 23දා
( ෂමිල පෙරේරා ) 2017-02-21 23:15:24
Comments - 0       Views - 977

නිෂ්පාදන සහ ඉංජිනේරු ශිල්පීය කර්මාන්ත වෙනුවෙන් වූ %නිෂ්පාදන සහ ඉංජිනේරු ආයතන සඳහා ඵලදායීතා වර්ධන ශිල්පීය ක්‍රම^ එක් දින වැඩමුළුව පෙබරවාරි 23දා පෙ.ව. 9.00 සිට ප.ව.4.30 දක්වා අංක 450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙමගින්, 1.) ඵලදායීතා සංකල්ප සහ තරඟකාරිත්වයල ඵලදායිතාව ගණනය කිරීම, 2.) ඵලදායීතා වර්ග, ශ්‍රම ඵලදායීතාව, අමුද්‍රව්‍ය ඵලදායීතාව, බලශක්ති ඵලදායීතාව සහ ප්‍රාග්ධන ඵලදායීතාව, 03.) යෙදවුම් මත සහ නිමැවුම් මත පදනම් වූ ඵලදායීතාව (Numerator based and denominator based productivity), 4.) හරස්කඩ සහ ප්‍රවණතා විශ්ලේෂණය, 05.) කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය, 06.) ශ්‍රම ඵලදායීතාව වර්ධනය කරගැනීමේ ශිල්ප ක්‍රම, වැඩකරන පරිසරය සැකසීම, සුදුසු මෙවලම් සහ උපකරණ භාවිතයෙන් ඵලදායීතාව වැඩිකර ගැනීම, කර්මාන්ත ශාලාවේ සහ කාර්යාලයේ බිම් සකස් කිරීමේ ක්‍රම (Productive Workplace Layout), 07.) ඵලදායී සේවා ස්ථානයක් සැකැසීම (Productive Workstation Layout), 08.) Flow Diagrams, Flow Process Charts, Multiple Activity Charts, Two-handed Process Charts මගින් ඵලදායීතාවය විශ්ලේෂණය හා වර්ධනය කිරීම, 09.) Activity Sampling මගින් ඵලදායීතාවය විශ්ලේෂණය කිරීම, 10.) Ergonomics පිළිබඳ මූලික හැඳින්වීමක්, සේවා අංශ සඳහා සංයුක්ත ඵලදායීතා මිනුමක් නිර්මාණය කිරීම ආදී කරුණු ආවරණය කෙරෙන බව ඔවුහු පවසති.

මෙම වැඩමුළුව ඵලදායීතාව සහ ජපන් කළමනාකරණය, එස් පහ සංකල්පය සහ තත්ත්ව කව ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ප්‍රවීණ ඵලදායීතා උපදේශකවරයෙකු වන ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන බවද ඔවුහු පවසති.

සුනිල් ජී විජේසිංහ මහතා ජපානයේදී බොහෝ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී ඇති අතර 1980 වසරේ සිට ඵලදායීතාව සහ ජපන් කළමනාකරණ ප්‍රවර්ධකයෙකු ලෙස කටයුතු කර ඇත. එස් පහ සංකල්පය සහ තත්ත්ව කව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා වූ ඒ මහතා, ශ්‍රී ලංකාව තුළ සහ අනෙකුත් ආසියානු රටවලද ඵලදායීතාව, ගුණාත්මක බව සහ ජපන් කළමනාකරණය පිළිබඳ ජනප්‍රිය කථිකයෙකු ලෙස සැලකෙයි. එමෙන්ම, ආසියා පැසිෆික් කලාපයේ ඵලදායීතාව ප්‍රවර්ධනය සඳහා ඔහු දැක්වූ දායකත්වයට ආසියානු ඵලදායීතා සංවිධානයෙන් ආසියානු කලාපීය සහ මෙරට ඵලදායීතාව ප්‍රවර්ධනය සඳහා ජාතික සම්මානයෙන්ද පිදුම් ලබා ඇති බව සඳහන් වේ. මීට අමතරව, ඔහු සුදුසුකම්ලත් ඉංජිනේරුවෙකු කළමනාකාර ගණකාධිවරයෙකු සහ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිධරයෙකු ලෙසද සැලකෙයි.

මෙම වැඩමුළුව සඳහා කළමනාකාර අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, ඉංජිනේරුවන්, ආයතන ප‍්‍රධානීන්, නිෂ්පාදනය සහ ඉංජිනේරු ක්‍රියාවලිය තුළ නියුතු කළමනාකරුවන් සහ අධීක්ෂණ නිලධාරීන්, නිෂ්පාදන ආයතනවල නියුතු කළමනාකරණ ගණකාධිකාරීවරුන්, මානව සම්පත් නිලධාරීන් සහ අධීක්ෂණ නිලධාරීන් මෙන්ම මේ සඳහා උනන්දුවක් හා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මෙය ඉංග්‍රීසි මාධ්‍ය දේශනයක් වන අතර (සිංහල පරිවර්තනය සමඟින්) වැඩමුළුව අවසානයේදී සහභාගී වූ සියලුම සහභාගීකරුවන්ට සහතික පිරිනමනු ලබන බවත්, වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 4741788 ඔස්සේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

 

ඵලදායීතා වර්ධන ශිල්පීය ක්‍රම එක් දින වැඩමුළුව 23දා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :