Meet the Minister වෙත ප්‍රාථමික කර්මාන්ත ඇමති
( ෂමිල පෙරේරා ) 2016-06-19 20:32:26
Comments - 0       Views - 384

ජාතික වාණිජ මණ්ඩල‍ය විසින් මෙහෙයවනු ලබන 'Meet the Minister’ වැඩසටහන සඳහා මෙවර ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ හමුවීමේ අවස්ථාවක් ජූනි 23 වැනිදා ව්‍යාපාරික ප්‍රජාව වෙත උදාකර දෙන බව එම මණ්ඩලය කියයි.

ඒ අනුව, එළැඹෙන ජුනි මස 23  වැනි බ්‍රහස්පතින්දා නො. 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

ජාතික වාණිජ මණ්ඩලයේ සාමාජික ව්‍යාපාරික ආයතන මෙන්ම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව වෙත වර්තමාන ව්‍යාපාර පරිසරය, අමාත්‍යාංශයේ අනාගත සැලසුම්, වර්තමාන ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ ව්‍යාපාරික අංශයන්ට මතුවන ගැටලු පිළිබඳ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් එම මණ්ඩලය මෙම වැඩසටහන මෙහෙයවනු ලබන බව කියයි.

ඒ අනුව, මෙවර ප්‍රාථමික කර්මාන්ත වන රෙදි පිළි, කුළුබඩු, ඛණිජ ද්‍රව්‍යය, ධීවර කර්මාන්තය හා කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි තොරතුරු අමාත්‍යවරයා හා අනෙකුත් නිලධාරීන් සමග සමීපව හුවමාරු කිරීමටත්, තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත්, ව්‍යාපාරික ප්‍රජාව සඳහා මහඟු අවස්ථාවක් උදාවනු ඇති බවත් ඔවුහු වැඩිදුටත් පවසති.

මේ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය හෝ 011-2689596 යන ෆැක්ස් අංකය හෝ sect@nationalchamber.lk යන විද්යුවත් ලිපිනය ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.

Meet the Minister වෙත ප්‍රාථමික කර්මාන්ත ඇමති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :