Meet the Minister සමග ඇමති බදියුදීන්
( ෂමිල පෙරේරා ) 2016-04-19 01:06:36
Comments - 0       Views - 613

ජාතික වාණිජ මණ්ඩලය විසින් ගෙනඑන මෙවර ‘Meet the Minister වැඩසටහනට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වීමට නියමිත බව එම මණ්ඩලය පවසයි. ඒ අනුව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවීමේ මහඟු අවස්ථාවක් ව්‍යාපාරික ප්‍රජාව වෙත උදාකර දෙමින් 2016 අප්‍රේල් මස 25 වැනි සඳුදා නො.450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා හා වාණිජ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරියද සහභාගී වීමට නියමිතය.

ජාතික වාණිජ මණ්ඩලය මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සිය සාමාජික ආයතන මෙන්ම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව වෙත වර්තමාන ව්‍යාපාර පරිසරය, අමාත්‍යංශයේ අනාගත සැලසුම්, වර්තමාන ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ ව්‍යාපාරික අංශයන්ට මතුවන ගැටලු පිළිබඳ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ අරමුණෙනි. මෙහිදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාමේ සංවර්ධනය හා කාර්මික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන තුළදී සාකච්ඡා වටයක්ද පැවැත්වීමට නියමිත අතර එය ව්‍යාපාරික ප්‍රජාවට අමාත්‍යවරයා සමග සමීපව තොරතුරු හුවමාරු කිරීමටත්, තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත්, මහඟු අවස්ථාවක් වනු ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි. මේ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය හා sg@nationalchamber.lk; sect@nationalchamber.lk යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.

 

Meet the Minister සමග ඇමති බදියුදීන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :