ඔබ ආහාර මිලදී ගන්නා ස්ථාන හා ඒ හා ඔබ දැනුවත්ව සිටිය යුතු කරුණු 7ක්
ආහාර සකස් කරන, ගබඩා කරන හෝ බෙදාහරින හෝටල්, බේකරි, අවන්හල්, ආපනශාලා හෝ වෙනත් එවැනි අදාළ ස්ථාන සඳහා 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ පනවා ඇති නියෝග සම්බන්දව ආහාර පරිහරණය කරන්නන් වන ඔබ විසින් දැනුම්වත් විය යුතු කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
01) එම ස්ථාන කඩතොලු රහිත බිමකින් යුක්ත විය යුතු අතර, බිත්තියේ අඩි 05ක් දක්වා උසට 'ටයිල්' අල්ලා තිබිය යුතුය.
02) එම ස්ථාන පිරිසුදු සිවිලිමකින් ආවරණය විය යුතු අතර, දොරවල් සුමට ස්වයංක්‍රීයව වැසිය හැකි විය යුතුය.
03) ආහාර සකස් කරන ස්ථාන, වාසස්ථානවල වැසිකිළි හා සත්ත්ව ගාල්වලට ඍජුව විවෘත නොවිය යුතු අතර, එම ස්ථානවල සුරතල් සතුන් ඇති නොකළ යුතුය. එමෙන්ම ස්ප්‍රේ පේන්ට් ලී නිෂ්පාදිත ආදී ස්ථානවලින් බැහැරව තිබිය යුතුය.
04) ආහාර සකස් කරන ස්ථාන හරහා ආවරණය නොකළ කානු පද්ධති නොතිබිය යුතු අතර, අපද්‍රව්‍ය බැහැර කිරීමට මනා ක්‍රමවේදයක් තිබිය යුතුය. අපජලය සෞඛ්‍ය ආරක්ෂිතව බැහැර කළ යුතුය.
05) එම ස්ථානවල ජනේල් තීන්ත ආලේප කර, මැස්සන් ඇතුළු නොවන පරිදි අඟලෙන් 1/8 දැල් ගසා තිබිය යුතුය.
fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
06) ආහාර පරිහරණය කරන්නන් සේවයේ යෙදීමට ප්‍රථම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුය. ඔවුන්ගේ ශරීරයේ දද, කුෂ්ට හෝ ආවරණය නොකළ තුවාල නොතිබිය යුතුය.
07) පිසූ හෝ සකස් කළ ආහාර අතින් ඇල්ලීම හෝ බෙදීම නොකළ යුතු අතර, ඒ සඳහා හැඳි භාවිත කළ යුතුය.
මෙම නියෝග කඩකරන අායතන හිමියන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ හැක. මෙම නීතිරීතිවලට අදාළ වන ආහාර නිෂ්පාදනය සහ බෙදාහරින ආයතනවල හෝටල්, බේකරි, අවහන්හල්, කැන්ටින් සහ ජංගම ආහාර අලෙවිහල් හෝ වෙනත් එවැනි ආයතන ඉහත උපදෙස් පිළිපැදීමට බැඳී සිටින අතර එසේ නොකරන ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාරිභෝගිකයාට අයිතියක් ඇත.
ඒ සම්බන්ධව මෙහි සඳහන් ආකාරයට ක්‍රියා නොකරන ආයතන ඇත්නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනුම් දිය හැක.
තොරතුරු - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
